11 August 2025

logo

වසර 1,300ක් ගලේ ඇන තිබූ මැජික් කඩුව අතුරුදන්



ප්‍රංශයේ නගරයක ගල් බිත්ති විවරයක සිර කළ ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ අසිපතක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම අසිපත වසර 1,300ක් තිස්සේ ගල් බිත්තියේ සිරවී තිබූ බව සඳහන්.
 
එමෙන්ම එම කඩුව ඉතා මුවහත්ව පැවති බවත් එය අඩි 100ක් පමණ ඉහළින් රඳවා තිබී ඇති බවත් වාර්තා වනවා.

‘ඩුරන්ඩල්’ අසිපත යනුවෙන් හැඳින්වෙන මෙය මැජික් අසිපතක් බවත්, ආතර් රජුගේ ‘එස්කැලිබර්’ මැජික් අසිපත සිහි ගන්වන ප්‍රංශ සාහිත්‍යයේ සඳහන් අසිපතක් බව ද පැවසෙනවා.

(colombotimes.lk)