29 January 2026

logo

පාපන්දු පිටියකට මිසයිල ප්‍රහාරයක් - 12කට දිවි අහිමි වෙයි



ගෝලාන් කඳුකරයේ පිහිටා ඇති පාපන්දු පිටියකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් දරුවන් සහ තරුණයන් 12 දෙනෙකු පමණ මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය චෝදනා කරන්නේ මෙම මිසයිල ප්‍රහාරය ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය විසින් එල්ල කර තිබෙන බවයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)