එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස නවසීලන්තයේ හිටපු ක්රිකට් ක්රීඩක Brendon McCullum පත් කර තිබෙනවා.
ඔහු මේ වන විට එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේද පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටිනවා.
එංගලන්ත ක්රිකට් ආයතනය සඳහන් කාලේ 2025 ජනවාරේ මාසයේ සිට ඔහු එම නව ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි.
2027 වසර දක්වා Brendon එංගලන්ත කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.
ඔහු එම ධූරයේ වැඩ භාර ගන්නා තුරු Marcus Trescothick එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ වැඩබලන පුහුණු කරු ලෙස කාටයුතු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)