05 February 2026

logo

පවතින වැසි තත්ත්වය තවදුරටත්



බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවල මි. මී. 50ට වැඩි වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

(colombotimes.lk)