15 February 2026

logo

ජාත්‍යන්තර T20 තරගයක කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා වෙයි



ජාත්‍යන්තර T20 තරගයක කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාවේ අමිහිරි වාර්තාව සම කිරීමට මොන්ගෝලියා කණ්ඩායමට සිදු වුණා.

ඒ T20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයේ A කාණ්ඩයේ සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදීයි.

එම තරගයේදී මොන්ගෝලියා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 10ක් පමණයි.

එහිදී පිතිකරුවන් 5 දෙනෙක්ටම කිසිදු ලකුණක් රැස් කිරීමට නොහැකි වුණා.

(colombotimes.lk)