03 April 2025

INTERNATIONAL
POLITICAL


සනත් ජයසූරියගෙන් ඉල්ලීමක්



එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින් සිය උපරිමය කරනු ඇතැයි තමන්  විශ්වාස කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.

තාවකාලික පුහුණුකරු ලෙස එංගලන්ත තරගාවලිය තමාගේ අවසාන සංචාරය බවත් එම තරගාවලිය හොඳින් අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළා.

මේ අතර ඔහු ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට උපරිම සහයෝගය දෙන ලෙසයි.

අද (11) උදෑසන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එංගලන්තය බලා යාමට කටුනායක ගුවන්තොටුපල බලා පිටත්වීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)