06 July 2025

logo

මුහුද රළු වෙයි - අවවාදාත්මක නිවේදනයක්



තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්භාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්.

එම නිවේදනයට හෙට (07) පෙරවරු 6.00 දක්වා වලංගු වන බවයි සඳහන් වන්නේ.

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 - 65 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනය පහතින්,



(colombotimes.lk)