22 November 2024


ශ්‍රී ලංකාව ජයග්‍රහණය අභිමුව - 4වන දිනය අදයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය ඊයේ (08) නිමා වුණා.

ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිමේදී ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 94ක් රැස් කරගෙන සිටියා.

ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා කඩුලු 9ක් අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් රැස් කිරීමට අවශ්‍ය වන්නේ ලකුණු 125ක් පමණයි.

තුන්වන දිනය නිමා වන විට ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 53ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 35ක් ලබා ගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 325ක් රැස් කළ අතර ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් ගැනීමට හැකි වුණේ ලකුණු 263ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 62ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට සියලුදෙනා දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 156ක් පමණයි.

එය වාර්තා අතරට එක් වුණේ ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව හමුවේ එංගලන්තය එංගලන්තයේදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

තරගයේ සුව්වන දිනය අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)