15 September 2025

logo
INTERNATIONAL
POLITICAL


පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි



බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (25) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින්වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව සඳහන්.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද පළාතේත් විටින් විට 30-40kmh පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

සබරගමුව, මධ්‍යමසහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතියි.

ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
(colombotimes.lk)