02 April 2025

INTERNATIONAL
POLITICAL


කාලගුණය වෙනස් වෙයි - වැසි තත්ත්වයේ අඩුවීමක්



පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (22) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

(colombotimes.lk)