01 November 2025

logo
INTERNATIONAL
POLITICAL


ජයග්‍රාහී ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම දිවයිනට



ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ 03 වන වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (11) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.

එහිදී ඔවුන් පිළිගැනීම සදහා පාපන්දු ක්‍රීඩකයන් සහ පාපන්දු ලෝලීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම පසුගිය 05 වනදා කාම්බෝජය සමඟ කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ එහි තවත් තරගයක් කාම්බෝජයේ නොන්පෙන් නුවරදී පසුගිය 10 වනදා පැවැත්වුණා.

(colombotimes.lk)