බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී වසර 65ක් පැරණි ටෙස්ට් වාර්තාවක් සම කිරීමට පාකිස්ථානයේ Saud Shakeelට හැකි වුණා.
ඒ අඩුම ටෙස්ට් ඉනිම් සංඛ්‍යාවකින් ටෙස්ට් ලකුණු 1000 පසු කිරීමේ වාර්තාවයි.
බංගලාදේශයට එරෙහිව පැවති තරගයේදී Shakeel ටෙස්ට් ලකුණු 1000 ඉක්මවා ගිය අතර ඔහු ඒ සඳහා වැය කර තිබුණේ ටෙස්ට් ඉනිම් 20ක් පමණයි.
ඒ අනුව 1959 වසරේ ඉනිම් 20කින් ටෙස්ට් ලකුණු 1000 වාර්තා කරමින් පාකිස්ථානයේ Saeed Ahmed තබා තිබූ වාර්තාව සම කිරීමට Shakeel සමත් වුණා.
(colombotimes.lk)