26 November 2024


වසර 24කට පසු ඉන්දියාවට මව්බිමේදී පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක්



ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන ටෙස්ට් තරගය ලකුණු 25කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (03) සමත් වුණා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය 235ක් රැස් කළා.

ඉන්දියාව සිය පළමු ඉනිමට රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 263ක්.

නවසීලන්තය සිය දෙවන ඉනිමේදී ලකුණු 174ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියාවට ලකුණු 146ක ඉලක්කයක් ලබාදුන්නා.

එම ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 121ක් පමණයි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 3 - 0ක් ලෙස නවසීලන්තය ජයග්‍රහණය කළා.

මේ සමඟ ඉන්දීය කණ්ඩායම ඉන්දියාවේදී වසර 24කට පසුව පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් වැළඳ ගැනීමට සිදු වුණා.

(colombotimes.lk)