05 February 2026

logo

අද මිලිමීටර් 75 ඉක්ම වූ වැසි



බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල ප.ව. 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.  

ඇතැම් ස්ථාන වලට මි. මී. 75 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මධ්‍යම, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

(colombotimes.lk)