15 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ප්‍රදේශ රැසකට සිහින් වැසි වාර කිහිපයක්



දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

නමුත් උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.
 
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

(colombotimes.lk)