31 October 2025

logo
INTERNATIONAL
POLITICAL


Amber Heard හොලිවුඩය හැරයයි



සිය දික්කසාද නඩුව හේතුවෙන් වසර කිහිපයක් තිස්සේ මහජන අවදානය දිනා ගැනීමට සමත්වූ නිළි Amber Heard හොලිවුඩය හැර දමා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ඇය සිය දියණිය වන Oonagh Paige සමඟ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් වෙත පදිංචියට ගොස් ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Amber ගේ මිතුරියක් සඳහන් කර ඇත්තේ, Amber සිය දියණිය හොලිවුඩයෙන් ඈත් කිරීමේ අදහසකින් මෙසේ සිදුකර ඇති බවයි..

මීට අමතරව 2022 ජූලි මාසයේදී කැලිෆෝනියාවේ යූකා නිම්නයේ පිහිටි ඇගේ නිවස ඩොලර් මිලියන 1.1කට විකුණා දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)