31 October 2025

logo
INTERNATIONAL
POLITICAL


අමිතාබ් බච්චන් සහ අනුෂ්කා ෂර්මාට එරෙහිව පොලිස් ක්‍රියාමාර්ග (PHOTOS/VIDEOS)



මුම්බායි පොලිසිය විසින් අමිතාබ් බච්චන් සහ අනුෂ්කා ෂර්මාට එරෙහිව පොලිස් ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනා හෙල්මට් නොමැතිව මෝටර් බයිසිකල් දෙකක ගමන් කිරීම හේතුවෙන්.

රථවාහන තදබදය හේතුවෙන් ඔවුන් පාරේ ගමන් කරන මෝටර් බයිසිකල් දෙකක හිමිකරුවන්ගෙන් තමන්ට අවශ්‍ය ස්ථානයට රැගෙන යන ලෙස උදව් ඉල්ලා ඇති බව සඳහන්.

එහිදී ඔවුන් ගමන් කරන ආකාරය සහිත ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ පොලීසිය විසින් මෙසේ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

මීට අමතරව ඔවුන්ට උපකාර කළ මෝටර් බයිසිකල් පදවන පුද්ගලයින් දෙදෙනාද හෙල්මට් පැළඳ සිට නොමැති බව විදෙස් මාධ්‍ය අනාවරණය කළා.
(colombotimes.lk)