29 January 2026

logo

ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනයට නැවතත් උත්සාහයක්



හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීම සඳහා නැවත වරක් උත්සාහ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (15) ෆ්ලොරිඩා හී පිහිටි ඔහුගේ ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී ඔහු ඝාතනය කිරීමට උත්සාහය කර ඇති අතර එහිදී ඔහුට කිසිදු හානියක් සිදු වී නොමැති බවයි.
 
මීට පෙර පෙන්සිල්වේනියාවේ බට්ලර් නගරයේ පැවති රැලියකදී ද තුවක්කුකරුවෙක් ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීමට තැත්කර මාස දෙකකට පමණ පසුව මෙම සිද්ධිය වාර්තා වනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ  හිටපු ජනපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරුවෙක් සමඟ ඔහු සතුව තිබූ රයිෆලයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

(colombotimes.lk)