03 April 2025

INTERNATIONAL
POLITICAL


අශ්වින් ෂේන් වෝන්ව සම කරයි



බංගලාදේශයට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 280කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ සිව්වන ඉනිමේදී බංගලාදේශයේ කඩුලු 6ක් බිඳ දමන්නට රවිචන්ද්‍රන් අශ්වින් සමත් වූ අතර එහිදී ඔහු ජාත්‍යන්තර කඩුලු 750 සීමාවට ළඟා වීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව මුත්තයියා මුරලිදරන්, ෂේන් වෝන් සහ අනිල් කුම්බ්ලේට පසුව මෙම දස්කම දැක්වූ 4වන දඟ පන්දු යවන්නා බවට ඔහු පත් වුණා.

මේ අතර අශ්වින් ටෙස්ට් කඩුලු 522ක් ලබා ගෙන තිබෙන අතර එහිදී ඔහු ඉනිමක කඩුලු 5ක් අවස්ථා 37කදී ලබාගෙන තිබෙනවා.

එම වාර්තාවේ ෂේන් වෝන් සමඟ දෙවන ස්ථානයේ සමතැන් ලබා ගැනීමට ඔහු සමත් වුණා.

මෙම වාර්තාවේ පෙරමුණ හිමි කරගෙන ඇත්තේ අවස්ථා 67කදී කඩුලු 5ක් බිඳ දැමූ මුත්තයියා මුරලිදරන්.



(colombotimes.lk)