23 January 2026

logo

චමරිට ICCයෙන් සම්මානයක්



ICC ජූලි මාසයේ හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත්වී තිබෙනවා.

එම සම්මානය සඳහා ඉන්දියාවේ Smriti Mandhana සහ Shafali Verma නිර්දේශ වූ අතර ඔවුන් අභිබවා හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය තමන් සතු කර ගැනීමට චමරි සමත් වුණා.

පසුගිය මැයි මාසයේදී ද හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමි කරගත්තේ චමරි අතපත්තු විසින්.

(colombotimes.lk)