11 August 2025

logo

රුසියානු හමුදා සාමාජිකයන් වැඩි කිරීමට තීරණයක්



රුසියානු ආරක්ෂක හමුදාව ලක්ෂ 15ක් දක්වා වැඩි කිරීමට රුසියානු ජනපති Vladimir Putin නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියාව හා යුක්‍රේනය අතර ගැටුම් ආරම්භ වීමෙන් පසු හමුදා සාමාජික සංඛ්‍යාව වැඩි කිරීමට රුසියාව තීරණය කළ 3වන අවස්ථාව මෙය බවයි.

යුක්රේන හමුදාව විසින් පසුගිය මාසයේ රුසියාවේ දකුණු කර්ස්ක් කලාපයේ දේශ සීමාව ආක්‍රමණය කිරීම හේතුවෙන් Vladimir Putin මෙම තීරණය ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
 
(colombotimes.lk)