15 February 2026

logo

දිමුත් සහ චන්දිමාල් ශ්‍රී ලංකා දෙවන ඉනිම ශක්තිමත් කරයි



ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 237ක් ලබා ගෙන සිටියා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 202ක් ඉදිරියෙන් සිටිනවා.

ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 83ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 61ක් රැස්කරගනීමට සමත්වුණා.

දිනය නිමාවන විට නායක ධනංජය ද සිල්වා සහ ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ලේ රැඳී සිටිනවා.


(colombotimes.lk)