05 February 2026

logo

අදත් ලංකාවට වියළි කාලගුණයක්



බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින බවයි සඳහන් වන්නේ.

මේ අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා.
 
(colombotimes.lk)