03 July 2025

logo

SL Vs ENG | දෙවන ටෙස්ට් තරගය අද ඇරඹෙයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 2වන තරගය අද (29) ආරම්භ වනවා.

ඒ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ කණ්ඩායමේ වෙනස්කම් 2ක්ද සමඟින් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඒ අනුව දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේදී ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් සහ විශ්ව ප්‍රනාන්දු වෙනුවට පැතුම් නිස්සංක සහ ලහිරු කුමාර කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම මේ වන විට තරග 1 - 0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

(colombotimes.lk)