09 January 2026

logo

ප්‍රදේශ කිහිපයකට ගං වතුර ඇතිවීම ගැන අනතුරු ඇඟවීමක්



අත්තනගලු ඔය පහත් බිම් ආශ්‍රිතව ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව ඉදිරි පැය තුනේ සිට 24ක කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇළ, කටාන සහ වත්තල යන ප්‍රදේශවලට ගං වතුර ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 
 
මේ සම්බන්ධව විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා. 
 
මේ අතර නිල්වලා ගඟ ද්‍රෝණියේ කිරම ගඟ ආශ්‍රිත මුලටියන සහ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල ඉදිරි පැය කිහිපය තුළ ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)