පහළ ගල් ඔය පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට ඇම්බර් වර්ණයෙන් යුතුව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර තිබෙනවා. 
ඒ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අම්පාර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයෙන් වාන් ජලය නිකුත් කිරීමත් සමගයි. 
 
එම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිත ජනතාවටයි මෙලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්තේ. 
 
ඒ අනුව පොල්වත්ත, පහළලන්ද, ඉරක්කාමම්, අක්කරෙයිපත්තු, අඩ්ඩාලච්චේනෙයි, අලයාඩිවෙම්බු, සමන්තුරෙයි, කාරතිව්, නින්දවූර්, සයින්දමරුදු, කල්මුනේ සහ ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාල පරිශ්‍රය ආශ්‍රිත පහත්බිම්වල සිටින ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ද දැනුම් දී තිබෙනවා. 
 
මෙම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග, විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා රථවාහනවල රියදුරන්ට අවධානයෙන් ගමන් ගන්නා ලෙසට ද දැනුම් දී තිබෙනවා.
(colombotimes.lk)