05 September 2025

logo
INTERNATIONAL
POLITICAL


Harry Potter අහස උසට යයි



පැන්ස 30 කට මිලදී ගත් දුර්ලභ Harry Potter පොතක් වෙන්දේසියකදී පවුම් 10,500 කට අලෙවි වී තිබෙනවා. 

අදාළ පොත Harry Potter and the Philosopher’s Stone පොතෙහි පළමු සංස්කරණයේ පිටපත් 500න් එකක් වන බවයි වාර්තා වන්නේ. 
 
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය සඳුදා ෆ්‍රැඩ්ලි පාර්ක්හි ලිච්ෆීල්ඩ් වෙන්දේසි මධ්‍යස්ථානයේදී රිචඩ් වින්ටර්ටන් වෙන්දේසිකරුවන් විසින් එම පොත වෙන්දේසියට ඉදිරිපත් කළ බවයි. 
 
ඒ අනුව ජයග්‍රාහී ලංසුව ලොස් ඇන්ජලීස් හි ගැණුම්කරුවෙකු විසින් මාර්ගගතව දිනාගත් බව වාර්තා වනවා.
(colombotimes.lk)