05 February 2026

logo

ප්‍රදේශ කිහිපයට තද වැසි



නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සඳහන් වනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනවා.

අද (12) දහවල් 12:11ට වන්චියන්කුලම්, ඕමන්ත, එරමඩු සහ තිරියායි යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති.

(colombotimes.lk)