29 January 2026

logo

ඊශ්‍රායලයේ ප්‍රහාරයකින් හිස්බුල්ලා නායකයෙක් ජීවිතක්ෂයට



ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් අගනුවට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා හමුදා ප්‍රධානියෙක් වන ඊබ්‍රාහිම් අකීල් සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 14 දෙනෙක්  මිය ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බවයි.

බේරූට්හි උප නගරයක් වන ඩහී ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන අතර ජේජර් සහ වෝකි ටෝකි පුපුරවා හැරීමෙන් අනතුරුව ඊශ්‍රයලය එල්ල කළ දෙවන ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

 
(colombotimes.lk)