05 February 2026

logo

අදත් වැසි



බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ දිවයිනේ බොහෝ පළාත්වලට අද (16) සවස 1.00 න් පමණ පසුව මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ, පහළ මට්ටමේ වායුගෝලීය කැළඹීම දිවයින ආසන්නයේ තවමත් පවතින බැවින් වැසි තත්වය තවදුරටත් පවතින බවයි.
(colombotimes.lk)