කොරියානු සාමාජිකයින් නොමැති K-pop සංගීත කණ්ඩායමක් හඳුන්වා දීමට කොරියාව කටයුතු කර තිබෙනවා.
එම කණ්ඩායම Blackswan නමින් නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙහි සාමාජිකයින් Sriya, Fatou, Gabi, NVee ලෙස හැඳින්වෙනවා.
එමෙන්ම 2011 වසරේ සිට මොවුන් K-pop ක්ෂේත්රයට පිවිස තිබෙනවා.
Blackswan මේ වනවිට ක්‍රමයෙන් ජනප්‍රියත්වයට පත්වන කණ්ඩායම් අතරින් එකක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
කොරියානුවන් නොවන පුද්ගලයින් K-pop සඳහා හඳුන්වා දුන් පළමු අවස්තාව මෙය නොවුනත් Blackswan පිළිබඳව යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇති බවට බොහෝ දෙනා විශවාස කරනවා.
(colombotimes.lk)
This K-pop band has no Korean members. Hear why they think they will break through. pic.twitter.com/siSFZixNnn
— CNN (@CNN) August 29, 2023