03 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කමිඳු මෙන්ඩිස් ස්ථාන 3ක් ඉදිරියට



නවතම ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ සහ පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්, අද (27) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කළා.         

ඒ අනුව ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 13වන ස්ථානයේ සිට 8වන ස්ථානය දක්වා ස්ථාන 5කින් ඉදිරියට පැමිණීමට ප්‍රභාත් ජයසූරිය සමත් වී තිබෙනවා.  

කෙසේ වෙතත් එම ශ්‍රේණිගත කිරීම්වල 13වන  ස්ථානය දක්වා ස්ථාන 2කින් අසිත ප්‍රනාන්දු පසුබැස තිබෙන බව ICCය සඳහන් කළා.       

මේ අතර ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කමිඳු මෙන්ඩිස් 16වන ස්ථානයට පත්ව තිබෙනවා.                   

ඒ නවතම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 3ක් ඉදිරියට පැමිණීමත් සමඟයි.

නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දිමුත් කරුණාරත්න එක් ස්ථානයකින් සහ ධනංජය ද සිල්වා ස්ථාන 4කින් පසුබැස තිබෙනවා.

 
(colombotimes.lk)