23 January 2026

logo

ලංකා T10 ලීගයේ කණ්ඩායම්වල නම් ප්‍රකාශයට පත් කරයි



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරගවදින කණ්ඩායම් 6හි නම් ඊයේ (02) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව සමාරම්භක තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් ලෙස කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවල්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් හා නිගම්බු බ්‍රේව්ස් නම් කර තිබෙනවා.

මෙම තරගාවලියේ ක්‍රීඩකයන් තෝරා ගැනීම එළඹෙන නොවැම්බර් 10 වනදා කොළඹදී සිදු කිරීමට නියමිතයි.

දෙස් විදෙස් සුපිරි ක්‍රිකට් තරු රැසක් එක්වන මෙම තරගාවලිය දෙසැම්බර් මස 12 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වෙනවා.



(colombotimes.lk)