25 October 2025

logo
INTERNATIONAL
POLITICAL


මහේල වාර්තා අතරට එක් වෙයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනට ලෝඩ්ස් පිටියේ සීනුව නාද කිරීමේ අවස්ථාව හිමි වී තිබෙනවා.

ඒ අනුව ඔහු ඉතිහාසගත වන්නේ ලෝඩ්ස් පිටියේ සීනුව නාද කිරීමේ ඵෛතිහාසික අවස්ථාව හිමිකර ගත් 8 වන ශ්‍රී ලාංකිකයා ලෙසයි.

මාවන් අතපත්තු, වමින්ද වාස්, සිදත් වෙත්තමුණි, අර්ජුන රණතුංග, කුෂි ගුණසේකර, සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර එම අවස්ථාව හිමිකර ගෙන තිබෙනවා.

 
(colombotimes.lk)