05 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ප්‍රේක්ෂකයින් සෙල්ෆි ගැනීම නිසා සංගීත ප්‍රසංගයක් නවත්වයි (VIDEO)



ජනප්‍රිය ඇමරිකානු ගායිකාවක් වන Miranda Lambert විසින් සිය ප්‍රසංගය අතරමැද නවත්වා තිබෙනවා. 

ඒ, සිය ප්‍රසංගය නැරඹීමට පැමිණි රසිකාවියන් ගීත නොඅසා සෙල්ෆි ඡායාරූප ගන්නා බව පවසමින්. 
 
මෙම සිදුවීම වන අවස්ථාවේදී ඇය විසින් අති ජනප්‍රිය ගීතයක් වූ “Tin Man” ගායනා කරමින් සිට තිබුණා. 
 
ඒ අනුව ඇය සඳහන් කළේ තමන් ගීතය ගායනා කරන අවස්ථාවේදී, ඉදිරිපස සිටි රසිකාවියන් පිරිසක් සෙල්ෆි ඡායාරූප ගැනීම හේතුවෙන් තමන් අපහසුතාවයට පත්වූ බවයි. 
 
එහිදී ඇය විසින් එකවරම තමන් ගීත ගායන නවත්වන බව දැනුම් දී, තම රසිකාවියන් ගීත නොඅසා සෙල්ෆි ගන්නා බව පවසා තිබුණා.
(colombotimes.lk)