Tom Cruise රංගනයෙන් දායක වන Mission: Impossible චිත්රපටය Box Office වාර්තා තැබීමට සමත්වී තිබෙනවා.
Mission: Impossible රසිකයින් සිනමාහල් වලට ගොස් චිත්රපටය නැරඹීමට දක්වන උනන්දුව වැඩි වී ඇති බවද චිත්රපට විචාරකයින් සඳහන් කළා.
මෙහිදී පළමුව පුරෝකථනය කර ඇත්තේ, චිත්රපටය හරහා ඩොලර් මිලියන 60ක් එකතු කිරීමටයි.
නමුත් මේ වනවිට එය ඩොලර් මිලියන 90ක ඉලක්කයක් ලබාදීමට සමත්වන බවයි වාර්තා වන්නේ.
දැනට වැඩිම Mission: Impossible Box Office වාර්තාව වන්නේ Mission: Impossible - Fallout චිත්රපටයට තැබූ ඩොලර් මිලියන 61ක වාර්තාවයි.
මීට පෙර 2000 වසරේදී Mission: Impossible II චිත්රපටයෙන් ඩොලර් මිලියන 57.8ක Box Office වාර්තාවක් තබා තිබුණා.
(colombotimes.lk)