03 April 2025

INTERNATIONAL
POLITICAL


ඉන්දීය වේග පන්දුවේ වගකීම Morne Morkelට



ඉන්දීය කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක Mo e Morkel පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ කොන්ත්‍රාත්තුව සැප්තැම්බර් 1 වනදා ආරම්භ වන බවයි වාර්තා වන්නේ.

Morne Morkel පසුගිය දෙසැම්බර් මාසය දක්වා පකිස්ථාන කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.

වසර 12ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ඔහු ටෙස්ට් තරග 86කට එක්දින තරග 117කට සහ විස්සයි විස්ස තරග 44කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු කඩුලු 544ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා.

(colombotimes.lk)