ජනප්‍රිය ඇමෙරිකානු ගායිකාවක් වන Taylor Swift එළඹෙන 2024 වර්ෂයේ ඕස්ට්‍රේලියාවේ දී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
The Eras Tour නමින් ලොව පුරා ප්‍රසිද්ධ මෙම ප්‍රසංගය මේ වසරේ මාර්තු මාසයේදී ආරම්භ වීම විශේෂත්වයක්.
එළඹෙන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වෙන ප්‍රසංගය සිඩ්නි හා මෙල්බර්න් හිදී පැවැත්වීමට නියමිතයි.
ප්‍රසංගයට අදාළ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලයට නිකුත් කිරීමෙන් පසු පැය ගණනක් තුළ ප්‍රවේශපත්‍ර විකිණී අවසන් වී තිබෙනවා.
මෙම ප්‍රවේශපත්‍ර විකිණී අවසන් වුවද ඉතා වැඩිමිලට Viagogo නම් වෙබ් අඩවිය මගින් විකිණීම ආරම්භ කර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
(colombotimes.lk)