05 February 2026

logo

ගෙවුණු පැය 24 තුළ පුත්තලමේ උණුසුම අංක එකට



අද පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.9ක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සෙල්සියස් අංශක 37ක උෂ්ණත්වයක් වාර්තා වන අතර හම්බන්තොටින් සෙල්සියස් අංශක 36.8ක උෂ්ණත්වයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මෙම කාලය තුළ කොලඹ දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33ක් ලෙස සටහන්ව තිබූ බවයි සඳහන් වන්නේ.

 
(colombotimes.lk)