15 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ප්‍රදේශ කිහිපයකට වැසි



බස්නාහිර සහ සබරගමුව පළාත්වල අද (18) ප.ව 4.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)