11 July 2025

logo

උතුරට සහ නැගෙනහිරට සිහින් වැසි



උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (13) දිනයේදී සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන ප.ව. 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි සඳහන් වන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා.

අද දින (13) දහවල් 12:10ට කුමුලමුනෙයි, මුරිකන්ඩි, කෙරිදමඩු සහ තන්නියට්ටු යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති.

(colombotimes.lk)