15 September 2025

logo
INTERNATIONAL
POLITICAL


කාලගුණයෙන් රතු නිවේදනයක්



දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අදත් (15) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එමෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,


 
(colombotimes.lk)