සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද (20) උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.
තරගයේ දෙවන දිනය සඳහා ඊයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 255ක් රැස් කරගෙන සිටියා.
එහිදී Tom Latham ලකුණු 70ක් සහ Kane Williamson ලකුණු 55ක් රැස් කළා.
ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 305ක්.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම කඩුලු 6ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා පසුපසින් සිටින්නේ ලකුණු 50ක් පමණයි.
ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.
(colombotimes.lk)