සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා ඊයේ (30) තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් රැස් කරගෙන සිටියා.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස් කර ගත්තේ සියලුදෙනා දැවී ලකුණු 196ක් පමණයි.
ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 74ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 23ක් රැස් කළා.
එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 427ක්.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා එංගලන්ත කණ්ඩායම ලකුණු 256ක් ඉදිරියෙන් රැදී සිටිනවා.
තරගයේ 03 වන දිනය අද (31) මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.
(colombotimes.lk)