සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (06) ආරම්භ වුණා.
ඒ ලන්ඩන්හි ඕවල් ක්රීඩාංගණයේදීයි.
එම තරගයේ පළමු ඉනිම ආරම්භ කළ සත්කාරක එංගලන්තය ප්‍රබල ආරම්භයක් ලබාගැනීමට සමත් වුණා.
ඊයේ දිනයේදී පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළමු දිනය නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදු වුණා.
ඒ වන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 221ක්.
Ollie Pope ලකුණු 108ක් රැස් කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.
අද පස්වරු 3.30ට තරගයේ දෙවන දිනය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.