02 July 2025

logo

SL Vs NZ - Test | පළමු දිනය නිමයි - කමිඳුගෙන් ලෝක වාර්තාවක්



නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (26) පැවැත්වුණා.   

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පළමු දිනය සඳහා තරගය නතර කරනවිට ශ්‍රී ලංකා කණ්‌ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 306ක් රැස් කරගෙන සිටියා.

එහිදී නොදැවී කඩුල්ලේ රැදී සිටින කමිඳු ලකුණු 51ක් සහ මැතිව්ස් ලකුණු 78ක් ලබා ගත්තා.

ඒ අනුව සිය පළමු ටෙස්ට් තරග අටේදීම ලකුණු 50ට වැඩියෙන් රැස් කරගත් පළමු ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තා අතරට එක් වීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

එමෙන්ම දිනේෂ් චන්දිමාල් ලකුණු 116ක් සහ දිමුත් ලකුණු 46ක් රැස් කළා.

(colombotimes.lk)