සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන දිනය අද (27) උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ ගාල්ල ජත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදීයි.
තරගයේ පළමු දිනය සදහා ඊයේ (26) තරගය නතර කරන විට තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 306ක් රැස් කරගෙන සිටියා.
එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 116ක් රැස් කළා.
එමෙන්ම ඊයේ (26) දිනය නිමා වන විට ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 78ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 51ක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැදී සිටියා.
ඒ අනුව සිය පළමු ටෙස්ට් තරග අටේදීම ලකුණු 50ට වැඩියෙන් රැස් කරගත් පළමු ක්රීඩකයා ලෙස ලෝක වාර්තා අතරට එක්වීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා.
(colombotimes.lk)