සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (26) උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.
මෙම තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් කණ්ඩායම විසින් අද (25) නිවේදනය කළා.
ඒ අනුව පළමු තරගයට සහභාගී වූ ළහිරු කුමාර සහ රමේෂ් මෙන්ඩිස් මෙම තරගයෙන් ඉවත් කර තිබෙනවා.
ඔවුන් වෙනුවට මිලාන් රත්නායක සහ නවක ක්‍රීඩක නිශාන් පීරිස් කණ්ඩායමට එක්කර තිබෙන බවයි වාර්තා වන්නේ.
නිශාන් පීරිස් හෙට වාර්තා අතරට එක් වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබා ගන්නා 167 වන ක්‍රීඩකයා ලෙසයි.
දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,
(colombotimes.lk)