19 January 2026

logo

SL Vs WI - 2nd ODI | කොදෙව් ඉනිම නිමා වෙයි



සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන 2වන එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර 44කට සීමා කිරීමට සිදු වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමට පන්දුවාර 36ක් අවසානයේ සියලුදෙනා රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 189ක් පමණයි.

පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 4ක්, අසිත් ප්‍රනාන්දු සහ මහීෂ් තීක්ෂණ කඩුලු 3 බැගින් ලබා ගත්තා.

(colombotimes.lk)