ශ්රී ලංකාව - කොදෙව් තුන්වන එක්දින තරගය පන්දුවාර 23කට සීමා කිරීමට තීරණය කළා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.
ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 23 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 156ක් රැස් කළා.
එහිදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක සමත් වුණා.
කුසල් මෙන්ඩිස් සිය අර්ධ ශතකය වාර්තා කිරීමට වැය කළේ පන්දු 19ක් පමණයි.
ඒ අනුව ජයග්රහණය සඳහා ලකුණු 195ක ඉලක්කයක් හඹා යන කොදෙව් කණ්ඩායම සිය ඉනිම මේ වන විට ආරම්භ කර තිබෙනවා
(colombotimes.lk)